දින 227ක අඛණ්ඩ අරගලයකින් පසුව දිනා ගත් ජයග්‍රහණ නැවතත් පසු පසට හැරවීමට කටයුතු කරන උපකුලපතිතුමා ප්‍රමුඛ ජඩ පරිපලනය අද දිනයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අධ් ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව විවෘත විශ්ව විද්යාලයීය ශිෂ්‍ය එකමුතුව පවසයි
පරිපලනය විසින් අනධ්‍යයන සේවක සංගමය හා සිසුන් අතර ගැටුමක් අවුලවා ඔවුන් අතර මතබේදයක් ඇති කර 2016.01.22වන දින උපකුලපතිතුමාගේ සැලසුම්සහගත තීරණයකට අනුව විවෘත විශ්වවිද්‍යාලය සිසුන් හට දින නියමයකින් තොරව තහනම් කලාපයක් බවට ප්‍රකාශ කලේය.සැලසුමේ ඉදිරි පියවරක් වශයෙන් මේ වන විට විශ්වවිද්‍යාලය වට කර කම්බි දගර දමා හමුදා කදවුරක් බවට පත් කර ඇත.
කෙසේ උවද වෙඩි උණ්ඩයට,මරණයට බිය නොවූ ශිෂ්‍ය ව්‍යාපාරය මෙම සැලසුම්සහගත ක්‍රියා තුලින් පසු බෑමකට ලක් නොවන බවටත් මෙවැනි ක්‍රියා හමුවේ බියෙන් පලා නොයන බවත් විවෘත විශ්ව විද්යාලයීය ශිෂ්‍ය එකමුතුව තවදුරටත් අවධාරනය කර සිටී



No comments:
Post a Comment