ඊයේ උදෑසන විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් දැවැන්ත උත්ගෝශන යක නිරත විය..පසු ගියදා විශ්වවිද්‍යාලයීය පරිපාලනය සැලසුම් සහගත ලෙස අනද්‍යන සේවක මහත්වරුන් ආචාර්‍ය වරුන් සහ සිසු සිසුවියන් අතර ගැටුමක් ඇතිකර ඉන් පසු විශ්වවිද්‍යාලයීය වසා දමමින් ලමුන් විශාල ගනනකගේ අද්‍යාපන අයිතිය සහමුලින් විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව මෙසේ සිසූහු මහ මගට බැස උත්ගෝෂනයේ යෙදෙමින් ඉල්ලා සිටියේ කිසිදු වරදක් නොමැතිව පරිපාලනය අහිමි කල අද්‍යාපන වරප්‍රසාදය නැවත ලබා දී විවෘත විශ්වවිද්‍යාලය නැවත ශිෂ්‍ය යන්ගේ අද්‍යන කටයුතු සදහා ලබා දෙන ලෙසයි..
මෙය ගැටුමක් ලෙස හුවා දක්වා විශ්වවිද්‍යාලය අන්තනෝමතික ලෙස වසා දැමුවත් පරිපාලනය මෙම ක්‍රියාව සිදුකරේ පසු ගිය වසර තුල සිට විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් එකට එක් වී පරිපාලනයේ හෙලුව පෙන්වා දීම නිසා බව ශිෂ්‍යයන් පැවසීය..
එමෙන්ම මෙම ගැටලුව සබැදිව සිසුන් පරිපාලනය සමග සාකච්ඡා වකට යාමට සූදානම් වුවද ඔවුන් මුනිවත රැකීමද ඉමහත් ගැටලුවක් බව පෙන්වා දුන් සිසූහු විවෘත විශ්වවිද්‍යාලය එම දින වසා දමමින් තම පුත්ගලික බඩු බාහිරාදියද එලියට ඇද දැමූ බවත් එයට අමතරව මහියංගන යාපනය සහ මාතර සිට විවෘත විශ්වවිද්‍යාලයේ අද්‍යාපනය සදහා එන සිසුවියන් එදිනම පලවා හැරීමෙන් යන එනමං නැති වී ගිය ශිෂ්‍යාවන් ගේ ජීවිත වලට එල්ල වන බලපෑමද ශිෂ්‍යාවන්ගේ ආරක්ශාව ද පරිපාලනය විසින් ඉතා තුච්ච ලෙස ඉවත දමා ක්‍රියාකල ආකාරය ඉතා අමානුෂික බවද කියා සිටියේය
මෙසේ පරිපාලනයේ අන්තනෝමතික ක්‍රියා කලාපය විසින් වසා දැමූ විශ්වවිද්‍යාලය යලි විවෘත කරන තෙක් තමන් සටන් කරන බවද ඔවුන් වැඩි දුරටත් අදහස් දැක්වීය.. මේ සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සොයුරාද විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ සබාපති අමිල සදරුවන් සොයුරාද රැස්ව සිටි ජනතාව සහ සිසුන් මාද්‍යවේදීන් දැනුවත් කලේය..
සිසුන් උත්ගෝෂනයෙන් අනතුර්‍ය්ව මග දෙපස සහ පදික වේදිකාවේ රැදෙමින් විශ්වවිද්‍යාලය යලි විවෘත කරන මෙන් ඉල්ලා සිට නිසි විසදුමක් පරිපාලනය විසින් නොලැබුනෙන් සවස 6.30 ට පමන ඉදිරි ක්‍රියාමාර්ගයකට යොමු වන බැව් පවසා විසිර ගියේය.





No comments:
Post a Comment