Tuesday, January 26, 2016

විවෘතයේ නැවතත් සිසු මර්දනය හිස ඔසවයි

නිදහස් අධ්‍යාපනය විකිණීමේ තවත් ප්‍රයන්තයක් වශයෙන් විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වැඩිකිරීම සහ පාඨමාලා මුදලට විකිණීමේ වැඩපිළිවෙල තූල ක්‍රියාත්මකවන එක් අංගයක් වන ශිෂ්‍ය මර්ධන ක්‍රියාවලියේ එක් එක් නව ස්වරූපයන් මේ වන විට නැවතත් ක්‍රියාවට නැංවෙමින් පවතී.සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීමට ඇති කාලය සීමා කරමින් සිටින අතර දැනට එය ප.ව.8.30 ට සීමා කරමින් නව නීති පද්ධතියක් එලි දක්වා ඇත. නමුත් ඒ පිලිබඳව කිසිඳු ආකාරයක සිසු දැනුවත් කිරීමක් කර නැත. වගන්ති 27කින් යුතු එම විනය නීති පද්ධතිය මෙහි දක්වා ඇත.



ආපනශාලා, නේවාසික, ඉගෙනුම් සහ කියවීම් ශාලා, විභාග ශාලා ගැටළු සහ තවත් බොහෝ සුභසාධක ගැටලු සහ සිසූන් ලියාපදිංචි කිරීමේ ගැටළු ඇතුලු බොහෝ සිසු ගැටලු උද්ගතවී ඇති අවස්ථාවක ඇස කණ වසාසිටින බලධාරීන්ගේ උවමනාව වී ඇත්තේ සිසුන්ට, විශ්වවිද්‍යාලයට සහ නිදහස් අධ්‍යාපනයට සාධාරණයක් ඉටු කිරීම නොවන බව පැහැදිලි කාරණයකි. මෙවැනි තත්වයක් තුල ඉතා සංවිධානය වී සිටින පරිපාලනය විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් මර්ධන ක්‍රියාවලිය සිදු කරන අතර එහි තවත් එක් පියවරක් ලෙස අනධ්‍යන සේවක සංවිධානය සහ සිසුන් අතර ගැටුම්කාරීතත්වයක් නිර්මාණය කරමින් පවතී.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 8.40ට පමණ සියලු ගේට්ටු වසා දැමූ ආරක්ෂක නිලධාරීන් මෙතෙක් දවසක් කිසිවෙකු දැනුවත්කර නොතිබූ, නව නීති පද්ධතිය නිසා මෙවැන්නක් සිදු කල බවද තමන්ට පහර දීමෙන් හෝ ගේට්ටු කැඩීමෙන් පමණක් ගේට්ටු විවෘත කල හැකි බව පවසා ඇති අතර එහිදී සිසුන් සහ ආරක්ෂක අංශය අතර ඉතා උණුසුම් තත්වයක් ඇතිවුවත් විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව මැදිහත්වීමෙන් රාත්‍රී 11ට පමණ කිරුලූපන ගෙට්ටුව විවෘත කරන ලද අතර ඉන් පසුව සිසුන් විසිර යන ලදි.
නමුත් පසුගිය සිකුරාදා උදෑසන staff gate එක වසා තිබු අතර ඉදිරිපස පොලිස් රථ 2ක් නවතා තිබුණි. ඉදිරිපස ගේට්ටුවෙන් ඇතුලුවන සියලු සිසුන්ගේ ශිෂ්‍ය වාර්තා පොත් ආරක්ෂක අංශය විසින් පරීක්ෂා කරමින් ශිෂ්‍ය වාර්තා පොත් නොමැති සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුලූවීම වලක්වන ලදි. ඒ හේතුවෙන් දිගු පෝලිමක් ඇතිවිය. ඒ අතරතුර staff gate එක වසා තැබීම පිලිබඳව සිසුන් විමසමින් සිටියදී සංවිධානත්මකව බස් රථයකින් පැමිණි අනධ්‍යන සහ අධ්‍යන සේවක පිරිසක් සිසුන් සමග ගැටුම්කාරී තත්වයක් ඇති කරගත් අතර එම ස්ථානයට පැමිණි උපකූලපතිතුමන් සහ වගකිවයුතු ආචාර්‍යවරයකු අසාමාන්‍ය නිහඬ පිලිවෙතක් අනූගමනය කරමින් සිටි අතර පසුව පිරිස විසිර යන ලදි.
නමුත් 11.30 ට පමණ සිසුන් සාකච්ඡාවක නිරතවෙමින් සිටියදී උපකුලපතිතුමන් විසින් සියලු අධ්‍යන සහ අනධ්‍යන කාර්‍යමණ්ඩලය රැස්වීමක් තැබීමට බව පවසා block 4 අසලට කැඳවා තිබූ අතර, නමුත් ඒ මුවාවෙන් මීට වසර 10කට පමණ පෙර ස්වාභාවික පීඨ සිසුන්ගේ භාවිතයට ලබාදී තිබූ block 8.1 අසල (BSC room) එක අනධ්‍යන සහ අධ්‍යන කාර්‍ය්යමණ්ඩලයේ 200ක පමණ පිරිසකගේ ආරක්ෂාව මධ්‍යයේ ආරක්ෂක අංශය හා ආචාර්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු හා එක්ව පරීක්ෂා කරමින් සහ මුග්ධ රංගනයක නිරතවෙමින් එතුල තිබූ සිසුන්ගෙ සියලු භාණ්ඩ ඉන් පිටතට විසි කල අතර සිසුන්ගේ laptop 2ක් බලහත්කාරයෙන් රැගෙන යන ලදි
.
මෙම සිද්ධි පටිගතකල සිසුන්ගේ ජංගම දුරකතන පැහැර ගැනීම් අවස්තා කිහිපයකදීම සිදුවිය. නමුත් උපකුලපතිතුමා ඉදිරිපිටදීම දුරකථන පැහැරගත් එවැනි අවස්ථා වලදී උපකුලපතිතුමාගේ ක්‍රියාකලාපය ලැජ්ජා උපදවනසුලුය.
මඳ වේලාවකින් එම ස්ථානයට පැමිණි සිසුන් ඔවුන් සමග සාකච්ඡාවකට ආරාධනා කල අතර එය අසාර්ථක විය. එ් අතරතුර ඉවත්කල පොත් හා භාණ්ඩ ලොරියක පටවාගෙන යනු දුටු සිසුන් එය නැවැත්වූ අතර ඉන් පසුව නැවතත් සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කලද අනධ්‍යන සේවක සංගමය ගැටුම්කාරී ස්වරූපයක් අනුගමනය කළ බැවින් අසාර්ථක විය. සිසුන් පැවැත්වූ කතාවක් හමුවේ නිරුත්තරව පසුබැස ගිය ඔවුන් පසුව පරිපාලනයට සහයෝගයක් ලෙස වෘත්තීය ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවට තීරනයක් ගනු දක්නට ලැබිණ. සැඟව සිටි උපකුලපති සමග සාකච්ඡාවක් පැවැත්වූ ඔවුන් සමග උපකුලපතිතුමා පා ගමනින්ම පිටවගිය අතර උපකුලපති තුමා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමන බවට නිවේදනයක් නිකුත්කර තිබිණ.
වෘත්තීය ක්‍රියාමාර්ගය අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ අවශ්‍යතාවය මත සිදු කල බව පෙන්වුවද, ගැටලුව උද්ගතව ඇත්තේ නාවල විවෘත විශ්වවිද්‍යාලයීය ප්‍රධාන මණ්ඩපය තුල පමණක් වුවද, උපකුලපතිවරයා විසින් ඒ වනවිටත් සියලුම ප්‍රාදේශික සහ අධ්‍යන මධ්‍යස්ථාන වසා දැමීමට දැනුම්දී තිබීම මගින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයද එතුමන්ලාගෙ දීර්ඝ සැලසුමක එක් අංගයක් පමණක් බව මනාව පැහැදිළි වන කාරණයකි.
පාලකයන්ගේ අණ ක්‍රියාත්මක කරන පරිපාලන වන්දිභට්ටයන්ගේ කූඨ උපක්‍රම හමුවේ රැවටී සිටින අනධ්‍යන කාර්යමණ්ඩලය පිළිබඳව මෙන්ම ඔවුන් හේතු රහිතව මෙවැනි මුග්ධ ක්‍රියාමාර්ගවලට එලඹීම පිලිබඳව කණගාටු විය යුතුය. පරිපාලනයේ මෙවැනි කූට උපායන් තරයේ හෙලාදැකිය යුතු අතර ඊට එරෙහිව නැගීසීටීමටත්, සිසු අයිතීන් සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ශිෂ්‍ය බලය ශක්තිමත් විය යුතු කාලය එලඹ ඇත.

No comments:

Post a Comment