2015/02/19 දින හෙවත් ඊයේ දින රාත්රිල 9.30 ට පමණ නාවල පිහිටි ශ්රිි ලංකා විවෘත විශ්වවිද්යාරලය භුමියට ඇතුළු වු මිරිහාන පොලිසියේ සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සුජිව මහතා ඇතුලු පොලිස් නිලධාරින් 15 දෙනෙකු පමණ පිරිසක්,විශ්ව විදයානාධල භුමිය තුලට පැමිණ පසුදින (20)උදෑසන විභාගයක් සඳහා අධ්යදයන කටයුතු වල නියැලෙමින් සිටි සිසුන් පිරිසකට තර්ජනය කරමින් සිසුන් පලවා හැරිමට උත්සහ කරන ලදි.එහිදි මහේස්රා ත් නියෝගයක් තිබෙන බව පැවසු අතර විනාඩි05 ක් තුල පිටව නොයන්නේ නම්,අත්තඩංගුවට ගන්නා බවත්,විශේෂ කාර්යය බලකා භටයන් සුදානමින් සිටින බවත් ප්ර කාශ කර ඇත.
ඔවුන් එහිදි ප්රමකාශ කරන ලද ප්ර කාශය මෙසේය. “තොපි අට්ටාල ගහගෙන මෙච්චර කාලයක් මොනවාද කර ගත්තේ”,“තොපිව බල්ලෝ වගේ කුදලගෙන,දම් වැල් දලා ඇදගෙන යන්නෙ”,“බලාගනියවු”,“තොපි චන්ඩි නෙවෙයි”,“මෙතන ඉන්නේ ලයිසන් චන්ඩි තොපි ඒක මතක තියා ගනියවු”.මේ ඔවුන්ගේ ප්රිකාශ වලින් එකක් පමණි.පැමිණි නිලධාරින්ගෙන් නිල ඇදුමෙන් සිටියේ නිලධාරින් දෙදෙනෙකු පමණ වන අතර,ඉතිරිසියල්ල පොලු අතැතිව සිවිල් ඇදුමෙන් සැරසි සිටියහ.ඉන් දෙදෙනකු සිටියේ බීමතින්ය.
නිතිය රකින ආයතනය ලෙස මහජන ආරක්ෂාව පිණිස කටයුතු කරන පොලිස් නිලධාරින් මෙලෙස ඉතා අවීනීත හා මැරයන් ලෙස හැසිරීම මෙරට යහපාලනය ඉතා හොදින් පෙන්නුම් කරන්නකි.මෙම විකාර රූපී පොලිස් නාටකය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
විවෘත විශ්ව විද්යාකලය ජාතියට අහිමි කිරිමට මෙරට සියළු ආයතනවල ප්රමමුඛතාවය හිමිවීම මෙරට මහජනතාවගේ අවසානාව බව අප විශ්වාස කරන අතර,නමුදු ලාංකීය ශිෂ්ය ව්යාුපාරය ලෙස එම උත්සාහයන් වලක්වා අධ්යවපන අයිතිය මහජනාතාවට උරුමකර දිමට කල හැකි සියලු කැපකිරිම් සිදුකිරිමට කැපවන බව දන්වා සිටුමු
No comments:
Post a Comment