Friday, February 20, 2015

ඊයේ රාත්රිනයේ විවෘත වි‍ධශ්ව විද්යා.ලයතුල ඇතිවු සිදු වීම සම්බන්ධව

2015/02/19 දින හෙවත් ඊයේ දින රාත්රිල 9.30 ට පමණ නාවල පිහිටි ශ්රිි ලංකා විවෘත විශ්වවිද්යාරලය භුමියට ඇතුළු වු මිරිහාන පොලිසියේ සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සුජිව මහතා ඇතුලු පොලිස් නිලධාරින් 15 දෙනෙකු පමණ පිරිසක්,වි‍ශ්ව විදයානාධල භුමිය තුලට පැමිණ පසුදින (20)උදෑසන විභාගයක් සඳහා අධ්යදයන කටයුතු වල නියැලෙමින් සිටි සිසුන් පිරිසකට තර්ජනය කරමින් සිසුන් පලවා හැරිමට උත්සහ කරන ලදි.එහිදි මහේස්රා ත් නියෝගයක් තිබෙන බව පැවසු අතර විනාඩි05 ක් තුල පිටව නොයන්නේ නම්,අත්තඩංගුවට ගන්නා බවත්,විශේෂ කාර්යය බලකා භටයන් සුදානමින් සිටින බවත් ප්ර කාශ කර ඇත.
ඔවුන් එහිදි ප්රමකාශ කරන ලද ප්ර කාශය මෙසේය. “තොපි අට්ටාල ගහගෙන මෙච්චර කාලයක් මොනවාද කර ගත්තේ”,“තොපිව බල්ලෝ වගේ කුදලගෙන,දම් වැල් දලා ඇදගෙන යන්නෙ”,“බලාගනියවු”,“තොපි චන්ඩි නෙවෙයි”,“මෙතන ඉන්නේ ලයිසන් චන්ඩි තොපි ඒක මතක තියා ගනියවු”.මේ ඔවුන්ගේ ප්රිකාශ වලින් එකක් පමණි.පැමිණි නිලධාරින්ගෙන් නිල ඇදුමෙන් සිටියේ නිලධාරින් දෙදෙනෙකු පමණ වන අතර,ඉතිරිසියල්ල පොලු අතැතිව සිවිල් ඇදුමෙන් සැරසි සිටියහ.ඉන් දෙදෙනකු සිටියේ බීමතින්ය.
නිතිය රකින ආයතනය ලෙස මහජන ආරක්ෂාව පිණිස කටයුතු කරන පොලිස් නිලධාරින් මෙලෙස ඉතා අවීනීත හා මැරයන් ලෙස හැසිරීම මෙරට යහපාලනය ඉතා හොදින් පෙන්නුම් කරන්නකි.මෙම විකාර රූපී පොලිස් නාටකය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
විවෘත විශ්ව විද්යාකලය ජාතියට අහිමි කිරිමට මෙරට සියළු ආයතනවල ප්රමමුඛතාවය හිමිවීම මෙරට මහජනතාවගේ අවසානාව බව අප විශ්වාස කරන අතර,නමුදු ලාංකීය ශිෂ්ය ව්යාුපාරය ලෙස එම උත්සාහයන් වලක්වා අධ්යවපන අයිතිය මහජනාතාවට උරුමකර දිමට කල හැකි සියලු කැපකිරිම් සිදුකිරිමට කැපවන බව දන්වා සිටුමු

Sunday, February 8, 2015

රාජපක්ෂ පාලනය සමයේ උද්ඝෝෂණ කල ශිෂ්‍ය නායකයින් මෛත්‍රි පාලනය යටතේ පොලිසියට කැදවයි.


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් ශිෂ්‍ය මර්දනයට එරෙහිව  හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින්  මීට වසරකට පෙර එනම් රාජපක්ෂ පාලන සමයේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැවැත්වූ පා ගමනක් සම්බන්දයෙන් කට උත්තර දීම සඳහා මෛත‍්‍රී පාලන යටතේ අද දින(7) ශිෂ්‍ය නායකයින් පිරිසකට පොලිසියට පැමිනෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.
ජාතිවාදී යුද්ධය ජයග‍්‍රහනය කිරීමත් සමග 2010 වසරේ නැවතවතාවක් බලයට පත් මහින්ද රාජපක්ෂ මහතා එතෙක් කර ගැනීමට නොහැකිව තිබු නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කරන ලදී. එම ප‍්‍රතිසංස්කරණ වල එක් උත්සයක්  ලෙස අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම සඳහා සියළු පිබුරුබත් සැකසුවේය. ඒ සඳහා අවශ්‍ය ඇමතිවරයෙකුගේ සිට වැඩ ආරම්භ කරන ලදී. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාතමක කිරීමේදි ඇති ප‍්‍රබලම බාධකය ශිෂ්‍ය ව්‍යාපාරය බැවින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම ප‍්‍රථමයෙන් ආරම්භ කරමින් රාජ්‍යයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ක‍්‍රියාතමක කිරීම ඇරබිනි. මෙහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය රාජපක්ෂ්‍ය පාලන සමය තුල දැඩි ශිෂ්‍ය මර්ධනයක් ක‍්‍රියාතමක විය. සිසුන් 3ක් ඝාතනය කල අතර විශ්වවිද්‍යාල සිසුන් 1500කට වැඩි පිරිසකගේ පන්ති තහනම් කිරීම ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් සිදු කරන ලදී. ශිෂ්‍ය සංගම් තහනම් කිරීම් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් පැහැරගැනීම්, ශිෂ්‍ය  ක‍්‍රියාකාරින්ට මරණීය තර්ජනය කිරීම, පහරදීම් විශාල ලෙස සිදු විය. ආරක්ෂක අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී මෙම මර්දන වැඩපිලිවෙල ක‍්‍රියාතමක කලේය. එමෙන්ම අධිකරණය යොදාගෙනද විශාල ලෙස ශිෂ්‍ය මර්දනය සිදු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන් විශාල ප‍්‍රමාණයකට නඩු පවරන ලදී. ශිෂ්‍ය නායකයින් අත් අඩංගුවට ගන්නා ලදී.
රාජපක්ෂ පාලනය විසින් ගෙන ගිය ශිෂ්‍ය මර්දනයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස දිඟින් දිගටම සටන් කරන ලදී. ඒ සඳහා උද්ඝෝෂණ, පාගමන්, ජනතාව දැනුවත් කිරීම් ආදිය විශාල ලෙස කලහ. පසුගිය 2014 මාර්තු 19 වන දින ප‍්‍රධාන වශයෙන් ශිෂ්‍ය මර්දනය ඇතුළු ඉල්ලීම් ගනනාවක් මුල් කර ගනිමින් කැළනිය විශ්වවිද්‍යාලයේ සිට පා ගමනක් ආරම්භ කල අතර එම පාගමනට කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලදී අසලදී පොලිස් ප‍්‍රහාරයක් එල්ල විය. එම පා ගමන නවතන ලෙස අධිකරණ නියෝගයක්ද දී තිබුනි. මෙම පා ගමන පවත්වා වසරක කාලයක් ගත වීමට ආසන්නව තිබෙන අතර මේ වන විට එම පාගමනට අදාලව හිටපු ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකුට ‘නව ආණ්ඩුව යටතේ’ සිතාසි නිකුත් කර තිබේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජානක ප‍්‍රදීප් සහෝදරයට, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සම්පත් වික‍්‍රමසිංහ සහෝදරයාට හා කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරී අයි.එම්.එන්. එස්. කුමාර සහෝදරයාට හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැ`දවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් හට මේ වන විට මෙලෙස සිතාසි නිකුත් කර තිබේ. 7 දින උදෑසන කිරිබත්ගොඩ පොලිසියට පැමින කට උත්තරයක් ලබා දෙන ලෙස එහි නියෝග කර ඇත. මෙම සිතාසි එම සහෝදරවරුන් අයත් පොලිස් කොට්ටාසයේ පොලිසිය විසින් නිවසට ගොස් බාර දී ඇත. පසු ගිය රාජපක්ෂ සමයේ ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට මෙලෙස පොලිස් නිලධාරින් යවා දෙමාපියන් බිය වැද්දීම, ඔහුන් පිලිබඳ අසත්‍ය තොරතුරු ගම් වාසින් අතර ප‍්‍රචාරය කරමින් සිදු කල ක‍්‍රියාවලියම මෙම සහෝදරවරුන් හටද සිදු කර තිබේ.
ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් විශ්වවිද්‍යාල ගැටළු විසදන ලෙසත් පවසමින්  බලයට පැමිනි මෛත‍්‍රි ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේද රාජපක්ෂ පාලනය අධ්‍යාපනය සඳහා සිදු කල ක‍්‍රියාවලියම වේ. ශිෂ්‍ය මර්දනය පිළිබඳ, සිසු ඝාතන පිලිබඳව හෙලිදරව් කරනවා වෙනුවට රාජපක්ෂ පාලනය තුල අසාධාරන ලෙස පන්ති තහනම් වූ, ශිෂ්‍ය භාවය අහෝසි වූ සිසුන්ට නොලැබුනු මහපොළ හා ශිෂ්‍යාධාර වාරික ලබා දී සාධාරණය ඉෂ්ඨ කිරීම වෙනුවට නැවතත් රාජපක්ෂ පාලනය සිදු කල පරිදිම මර්දනය ක‍්‍රියාතමක කරමින් සිටි.

Wednesday, February 4, 2015

අඛණ්ඩ සත්‍යග්‍රහට අදට දින 50යි


විවෘතයේ ගැටලු විසදන ලෙස පාලකයන්ට බල කරමින් විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව විසින් 2014/12/17 වන දින ආරම්භ කල සත්‍යග්‍රහයට අදට(2015/02/04) දින 50ක් ගතවී ඇතත් පාලකයින් විවෘතයේ ගැටලු පිලිබද කිසිදු තැකීමක් නොකර කල්මරමින් සිටී.පාලකයින්ගේ මෙම නිහඩතාවය ඉදිරියටත් පැවතුනහොත් විවෘත විශ්වව්ද්‍යෘලීය ශීෂ්‍ය එකමුතුව දැඩි තීරණ වලට එලෙබෙන බව පාලකයින්ට තරයේ කියා සිටන්නෙමු .
විවෘතය රැකගනිමු, එක් වෙමු, පෙලගැසෙමු, පවුරක් ල
ෙස.

Tuesday, February 3, 2015

සුනිල් නවරත්නගේ “කවිතා” මගඩිය


උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුනිල් නවරත්න සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වූ ක්ෂණිකා හිරිඹුරේගම විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික පීඩනය අඩු කිරීමට හා ආවේගයන් පාලනය කිරීම අරමුණු කරගත් රියලිටි වැඩසටහනක් ලෙස එලි දැක්වූ “කවිතා” වැඩසටහන ඉතාමත් දුෂිත ගනුදෙනුවක් බව දැන් එලිවෙමින් පවතී. 
                                 මේවනවිට වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු රජිව විජේසිංහ මැතිතුමා විසින් මේ දුෂිත ගනුදෙනුව පිලිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත. මෙම වැඩසටහ වෙනුවෙන් දෙරණ රුපවාහිනි නාලිකාව අනුග්‍රහය දක්වන බව පැවසුව ද ඒ සඳහා රුපියල් මිලියන් 40ක ගෙවීම කර ඇත. මේ වැඩසටහන සඳහා ජැක්සන් ඇන්තනී මහතා විනිසුරුවෙකු ලෙස සහභාගී වූ අතර එක් දිනකට පැය කිහිපයක විනිසුරුවෙකු ලෙස සිටීමට පමණක් රුපියල් ලක්‍ෂ 5 බැගින් ඔහුට ගෙවා ඇත. අනිකුත් විනිසුරුවරුන්ට දිනකට රුපියල් ලක්‍ෂ 2 බැගින් ගෙවා ඇති බව වාර්තාවේ.
                                    අවසන් වැඩසටහනේ වේදිකා අලංකරණයට පමණක් රුපියල් මිලියන් 5ක් ද අනිකුත් දිනවල වේදිකා අලංකරණයට රුපියල් මිලියනය බැගින් ද ගෙවීම් කර ඇත. මෙම දුෂිත ගනුදෙනුවේ වඩාත්ම වියදම් සිදු වී ඇත්තේ මේ සඳහා සහභාගීවූ කලාකරුවන්ගේ (තම හිතවත් කලාකරුවන්ට පමණක් මේ සඳහා ඇරයුම් කර ඇත) සංග්‍රහ වියදම, රුපියල් මිලියන 100ක් සහ මේ සඳහා පැමිණි සම්භාවනීය අමුතන්ගේ (ආචාර්ය සුනිල් නවරත්න ගේ සහ එස් බී දිසානායක මහතා ගේ හිතවතුන්) සඳහා සංග්‍රහ වියදම රුපියල් මිලියන 200ක් ලෙසය. ඒ අනුව මෙම සමස්ත වැඩසටහනෙහි මුළු වියදම රුපියල් මිලියන 600ක් වන අතර ඒ සඳහා සඳහා රාජ්‍ය මුදල් යොදවා ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේන් රුපියල් මිලියන 400ක් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේන් රුපියල් මිලියන 200ක් ලෙසය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඝනකාධිකාරි රණවීර මහතා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීම පිට විශ්වවිද්‍යාල සඳහා වෙන්කර තිබු ප්‍රතිපාදන කපා මේ සඳහා යොදවා ඇතිබව ද වාර්තාවේ. මෙම වැඩසටහන සඳහා බොහෝවිට සහභාගී වුයේ සංගීතය හා රංග කලාව හදාරන සිසුන් වූ අතර ඔවුන්ට එය විශාල අත්දැකීමක් නොවූ බවත් අවසානයේ දී මෙම වැඩසටහන මඟින් කිසිඳු ‘තරුවක්’ බිහිකර නැති බව ද වාර්තාවේ. මේම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වූ සිසුන්ගේ මානසික පීඩනය අඩු කිරීමට හා ආවේගයන් පාලනය කිරීම  සඳහා ඔවුන් භාවිතා කල නිර්නායකයන් වූ ශිෂ්‍ය උද්ගෝෂණ හා උපවාස ප්‍රමාණය ඉකුත් වසරට සාපේක්ෂව පසුහිය හයමස තුල තුන් ගුණයකින් වර්ධනය් වී ඇත. එමඟින් සනාත වන්නේ මෙය කිසිඳු අරමුණකින් තොරව හුදෙක් මුදල් ගසා කෑම සඳහාම පැවැත්වූ සංදර්ශනයක් බවයි. 
             නේවාසිකාගාර ප්‍රශ්නය ඉතා තදින්ම පවතින වත්මන් විශ්වවිද්‍යාල පධ්දතිය තුල සිසුන් 800 කට පමණ නවාතැන් සැපයිය හැකි සියලු පහසුකම් සහිත නේවාසිකාගාරයක් තැනිය හැකි මුදල් මෙම ව්‍යපෘතියයෙන් එස්. බි. දිසානායක හා සුනිල් නවරත්න නඩය ගිල දමා ඇත. අවසානයට බෙරේ පලුවකුත් නැත. නටපු තොවිලයකුත් නැත.

නාමල්ගේ ලියුම් වලට හොරපාරෙන් සරසවි වරම් දුන් සට්ටැඹි ජෝඩුව පන්නමු


යහපාලන රාජ්‍යයට අවහිරයක් ව තිබූ එක් ඇනයක් ගලවා ඉවත් කළ නමුත් තවත් ප්‍රධාන ඝණයේ මලකඩ කෑ ඉස්කුරුප්පු ඇන දෙකක් ඉතිරි වී තිබේ. ගලවා ලූ ඇනය නීති ප්‍රජාවට ඇනයක් වූ අගවිනිසුරු ඇනය වූ අතර ඉතිරිව ඇති මල කෑ ඉස්කුරුප්පු ඇන දෙක නම් සමස්ථ සරසවි බුද්ධිමය ප්‍රජාවටම ඇනයක් වී ඇති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය ක්ෂනිකා හිරිඹුරේගම සහ කොළඹ සරසවියේ උප කුලපති වී සිටින ඇයගේ වල්ලභයාය.
මොහාන් පීරිස් මෙන්ම ඇයද සිය වල්ලභයා සමග එක්ව ගං කබර රාජපක්ෂලාගේ හිත සුව පිණිස සමස්ථ සරසවි සංස්කෘතියම බල්ලාට දමා කටයුතු කළාය. රාජපක්ෂලාට ආචාර්ය උපාධි පුදා බඩ සරි කරගත්තාය. ඇයගේ අශීලාචාර දූෂන ක්‍රියා සහසක් අතර ප්‍රධානතම දූෂනය වන්නේ නාමල් රාජපක්ෂ ගේ ලියුම් වලට සරසවි වලට නුසුදුසු ලමයින් ඇතුලත් කර ගැනීමයි.
දෙවැන්න නම් කොළඹ 7 හේවා ඇවනියුහි පිහිටා තිබූ කෝටි 24 ක් වටිනා තම නිවස සහ ඉඩම අන්තිම කැමැති පත්‍රයකින් කොළඹ සරසවියේ කාන්තා නේවාසිකාගාරයට පරිත්‍යාග කළ කීර්තිමත් වෛද්‍යවරියක් වූ සිවා සින්නතම්බි මහත්මියගේ දේපොල මංකොල්ලා කෑමයි. අද දක්වා එය සරසවි දරුවන්ට නොදී චීන ජාතිකයන්ට බදු දී විශාල අත යට මුදලක් මංකොල්ලා කා තිබේ. (එ් තිරිසන් වංචාව ගැන වෙනම ලිපියකින් තොරතුරු හෙළි කරන්නෙමු)
ඒ තරම් අසික්කිත දූෂනයන්හි යෙදුනු හිරිඹුරේගම අම්මන්ඩිට එක තත්ත්පරයක් මේ යහපාලන රාජ්‍යයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත.
ඇයගේ වල්ලභයා වූ කොළඹ සරසවියේ උප කුලපති කුමාර හිරිඹුරේගමද ඊට නොදෙවැනිය. වරක් කොළඹ සරසවියේ උප කුලපති තේරීමේ දී මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකට ඡන්ද 21 ක් ලැබෙද්දී ක්ෂනිකාට ලැබුනේ ඡන්ද 8 ක් නමුත් ඇයව පත් කෙරිණ. දෙවැනි වාරයේදී මහාචාර්ය දිසානායකට ඡන්ද 15 ලැබෙද්දී ක්ෂනිකාගේ වල්ලභයා වූ කුමාර හිරිඹුරේගමට ඡන්ද 13 ක් ලැබුනද ඔහුව පත් කෙළේය. ඇත්තටම හිරිඹූරේගමලාට හිරි ඔතප් තිබුනා නම්, ලැජ්ජා නහරයෙන් කාලක් ඉතිරිව තිබුනා නම් එම තනතුරු නොගෙන සිටිය යුතුය. දැන් කොළඹ සරසවියේ කුමාර හිරිඹූරේගම උප කුලපතිගේ වරදක් ගැන පැමිණිලි කිරීමට සිදුව ඇත්තේ ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය වූ ඔහුගේ බිරිඳට ය. අඳෝමැයි..!
පසුගියදා කොළඹ සරසවියේ සනාතන සභාව රැස්වූ අතර ඊට සහභාගී වූ 200 ක් පමණ වියතුන් සියළු දෙනා එක හඬින් කියා සිටියේ කුමාරයාට තොලොංජී වී ඉල්ලා අස්වන ලෙස නමුත් විලි ලැජ්ජාව නැති එකාගේ ආචාර්ය උපාධියෙන්ද වැඩක් නැති බව හිරිඹුරේගම ඔප්පු කර පෙන්වීය.
කෑම්පස්නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන පරිදි හිරිඹූරේගම ජෝඩුව මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නිවසේ පිලිකන්නේ ඉව අල්ලමින් සිටිති. ඔවුන්ගේ පුත්‍රයා සහ සිරිසේන පුත්‍රයා එකට පාසැල් ගිය අය බැවින් ඒ හිතවත් කම් යොදා ගනිමින් තනතුරු රැක ගන්නට වලිකමින් සිටිති. ඇමැති මහාචාර්ය රාජීව විජේසිංහටද ඇප නූලක් දමාගෙන ඇතැයි නිල නොවන ආරංචි පවසයි.
එක් දෙයක් ඉන්තේරුවෙන්ම කිව යුතුය. මොහාන් පීරිස් සේ බලු වී පජාත වී රටටම පිලිකුලක් වී ලෝකයටම ප්‍රසිද්ධ වී එළවා දමන තුරු ඉන්නවාද ? නැතිනම් වද නොදී නම්බු පිටින් ඉල්ලා අස්වෙනවාද ? යන්න තෝරාගැනීමට හිරිඹූරේගමලාට ඇති අයිතියට තව දින කිහිපයක් කල් දිය හැකිය. ඉන්පසුව මෛත්‍රීගේ පුතාගේ ක්ලාස් මේට් ඇප නූල් යහපාලනප්‍රේමී ජනතා බලවේගයට නම් ශත පහක වටිනාකමක් නැති බව අත් දැකීමෙන් පසක් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

ජානක- සිසිත ඝාතන හෙලිදරව් කරනු කැළණි සරසවි සිසුන් උද්ඝේශණයක

2012 වසරේ නුවර සිට කොළඹ දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පැවැත්වූ  පා ගමන අතර තුර  කැළණිය විශ්වවිද්‍යාලයේ  ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර යන සහෝදරවරුන් එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනය මඟින් ඝාතනය කර ලදී. එම මරනයන් ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වී සිදු කල ඝාතයන් බව පැහැදිලි ලෙසම පැවසීමට සාක්ෂි තිබියදී හදිසි අනතුරකින් මිය ගිය බව පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පවසන ලදී. මේ වන විට නව ආණ්ඩුවක් පත් වී තිබෙන අතර නව ආරක්ෂක  ලේඛම් වරයෙකු ශා සභාපති වරයෙකු පත්ව තිබෙන අවස්ථාවක එම ඝාතන සම්බන්ද තොරතුරු හෙලිදරව් කිරීඅමට මෙම ආණ්ඩුවට හැකියාව තිබේ. එබැවින් එම ඝාතනය වහා හෙලිදරව් කරන ලෙස බල කරමින් අද(2) කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට කැළණිය සරසවි සිසුන් උද්ඝෝශනයක් පවත්වන ලදී.



මිටියෙන් ගසා හිස තලා සිසුන් මැරුවේ මහින්දගේ නියෝගයකට



2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත පි‍්‍රයංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ මහින්ද රාජපක්ෂගේ නියෝගය කට අනුව සිදුකල ඝාතනයක් බව තහවුරු කල හැකි තොරතුරු හෙලිවී ඇත. එම තොරතුරු වලට අනුව මෙම සිසුන් දෙදෙනා ඝාතනය කොට ඇත්තේ හිස තද යමකට තබා හිස මතට ඝන ලෑල්ලක් හෝ තහඩුවක් වැනි යමක් තබා හිස් කබල තැලී පොඩිවී යන ලෙස ඒ මතට මිටියක් වැනි බර දෙයක් භාවිත කොට පහර දීමෙන් බව අනාවරණය වේ.
මෙම ඝාතනයේ සැලසුම් කරුවා මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කල පුද්ගලයෙක් වන අතර හමුදාවේ ඉහල නිලයක් දරන්නෙකි. එහෙත් මොහු විධිමත් හමුදා පුහුණුවක් නොලැබූ පුද්ගලෙයෙක් බවද අනාවරණයවේ.
2012 සැප්තැම්බර් 27 අළුවම 3 00 ට නැවතී සිටි තැනින් පිටත් වන විට මග රැකවල් ලා සිටි මෙම පුද්ගලයා ඇතුළු කන්ඩායම ගම්පහ කච්චේරියට මීටර් 500 පමණ දුරින් මිරිස් වත්ත හන්දිය දෙසට වෙල්යාය ආසන්නයෙදී මග හරස් කර සිසුන් අල්ලාගන ඇත. හිස තලා ඝාතනය කර පසුව නුවර පාරේ ඉඹුල්ගොඩට ගෙනත් දමා ඇත.
මෙම අපරාධයට මෙහෙයවූ පුද්ගලයාගේ මුල් ගම බෙලිත්ත වන අතර මොහු ගම වශයෙන් සදහන් කරන්නේ ඇලහැර දියබෙදුම දෙහිවත්ත ප‍්‍රදේශයවේ. කලක් මෙම පුද්ගලයා අපරාධ කරුවෙකු ලෙස සිරගතව සිටියදී මහින්ද රාජ පක්ෂ විසින් මැදිහත්ව නිදහස් කරගන මේජර් තනතුරක් ලබාදී ඇත. මහින්ද රාජපක්ෂ වගකිවයුතු. අපරාධ රැසක් සිදුකරනු ලබන්නේ මෙම පුද්ගලයා විසිනි.
එවකට ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිකුත්කර ඇති අංක b 1593/ 2012 දරණ පස්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඒහා බැදුණු sr/ 5719/ 2012 දරණ වාර්තාවට අනුව හිස් කබලට සිදුවූ දැඩි හානිය හේතුවෙන් සිසුන් දෙදෙනාගේ මරණෙ සිදුව අති බවයි.
මෙම සිසු ඝාතනය සම්බන්ධයෙන් සතියකට පසු පුවත්පතක පලවූ ලිපියක් පහත පලවේ.
පරස්පර කතා මැද සිසු ඝාතනය තහවුරු වන හැටී.
“උන් මැරුණ එක හොඳයි. හිටිය නං අපට කරදරයි” – 2012 නොවැම්බර් 17 – ලක්ෂ්මන් වසන්ත – මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී
”ඇක්සිඩන්ට් එක වෙනවා මම දැක්කා. එතකොට වෙලාව පාන්දර 3.10 ට විතර ඇති. මම ඉස්පිරිතාලෙට යන ගමන් හිටියේ. වේගයෙන් ආපු සුදු පාට කාර් එකක් පාර හරහා දැම්මා. මෝටර් සයිකලයේ ආපු දෙන්නා ඒකෙන් බේරෙන්න සයිකලේ දකුණට හැරෙව්වා. ඊට පස්සේ ලයිට් කණුවෙ වැදුණා.” – 2012 සැප්තැම්බර් 27 රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා.
”ගම්පහ අධිකරණය මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් සහ දුරකථන දත්ත සටහන් ලබා දෙන ලෙස නියෝගයක් දුන්නා. නමුත් එම දුරකථන සමාගම ලබා දුන්න දත්ත සටහන් සැක සහිතයි. ජානකගේ දුරකථනයේ ආසන්න දිනවල ඇමතුම් ගත්ත දත්ත සටහන් මකා දමලා. රස පරීක්ෂක වාර්තාව තවම ලැබිලා නැහැ. මේ අනතුර පිටුපසත් ඒ පිළිබඳ කෙරුණු පොලිස් පරීක්ෂණවලත් දිගටම බරපතළ පරස්පරතා මතු වුණා.” – 2013 ජනවාරි 29 – සංජීව බණ්ඩාර
‘‘ඇයි ඒක ගැන අහන්නේ? ඒ දෙන්න මැරුණා. තවම තේරුණේ නැද්ද සිද්ධ වුණේ මොකක්ද කියලා. ඕක වාහන ඇක්සිඩන්ට් එකක් නෙවෙයි. ඊට එහා දේවල් මගෙන් අහන්න එපා. ඔය නඩුවෙනුත් වැඩක් වෙන එකක් නැහැ.’’
2012 සැප්තැම්බර් 27 ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මියගිය බවට ප‍්‍රකාශ වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඊට මසකට පසු ආරක්ෂක අංශ නිලධාරියකු මෙම ලියුම්කරු සමඟ ප‍්‍රකාශ කළේය. එම අනතුර පිළිබ`ද විමසීම ඔහුට දැඩි පීඩනයක් වී තිබුණි.
එදින සිසුන් දෙදෙනා සිය නවාතැනින් පිටත් වූයේ අලූයම 3.00 ට පමණය. ඒ ගම්පහ බණ්ඩාරනායක විදුහල අබියසිනි. අනතුර දුටු තී‍්‍රවීල් රියැදුරකු පොලිසියට ඒ බව දැනුම් දී ඇත. සිද්ධිය දුටු බව කියන තී‍්‍රවීල් රියැදුරාගේ එම ප‍්‍රකාශය පරිදි සිසුන් පැමිණි යතුරු පැදිය වේගයෙන් පැමිණියේ නම්, ඔවුන් පිට වූ ස්ථානයේ සිට විනාඩි 3 ක් 4 ක් ඇතුළත සිද්ධිය වූ ස්ථානයට පැමිණිය යුතුව තිබුණි.
අලූයම 3.00 ත් 4.30 ත් අතර අනතුර සිදු වූයේ නම් පැය 1 1/2 ක කාලය තුළ තී‍්‍රවීල් රියැදුරෙක් හැර එතැන පසු කරමින් නුවර – කොළඹ මාර්ගයේ කිසිවකුත් ගමන් ගෙන නැතැයි කියන ප‍්‍රකාශය ගැටලූසහගතය. කෙසේ වෙතත් ගම්පහ පොලිසියේ නිලධාරීන් පවසනා පරිදි මෙම අනතුර පිළිබඳ දැනුම් දීම සිදු කර ඇත්තේ නාවික හමුදාවේ බව කියාගත් පුද්ගලයකු විසිනි. අනතුර වූවා යැයි කී ස්ථානයට ප‍්‍රථමයෙන් ගිය පොලිස් නිලධාරීන් පවසන්නේ දැනුම් දීම සිදු කළ නාවික හමුදා නිලධාරියා තමන්ට හමු නොවූ බවය. එමෙන්ම පොලිසිය පෙ.ව. 4.30 ට පමණ අවට වෙළෙඳසල්වලින් මළ සිරුරු දෙකක් වැසීම සඳහා ගෝනි ඉල්ලා ඇත. අවට ව්‍යාපාරික ස්ථානවල රාති‍්‍රයේ සිටි පිරිසට අනතුරක ශබ්දයක් ඇසී නැත. එම ස්ථානයේ අනතුරක් සිදු වී දෙදෙනකු මිය ගොස් ඇති බව අවට පිරිස් දැන ගන්නේ පොලිසියේ එම ප‍්‍රකාශයෙනි. මින් පැහැදිලි වන්නේ කුමන හෝ හේතුවක් මත ශිෂ්‍යයන්ගේ පිටත් වීම හා අනතුර සිදු වූ කාලය අතරතුර පැය 1 1/2 ක් තුළ කුමන හෝ සිදුවීම් පෙළක් ඇති බවය.
කෙසේ හෝ සිසුන් දෙදෙනා පැය එකහමාරක් අතුරුදන්ව සිට ඇති බව දැන් තහවුරු වී තිබේ.
මෙම සිද්ධිය මුලින් දැනුම් දුන් පුද්ගලයා එය දැනුම් දී ඇත්තේ වැරැුල්ලවත්ත පොලිස් මුරපොළට බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළත් එම අනතුරේ පණිවුඩය ලැබී ඇත්තේ ශිෂ්‍යයන් රැදී සිටි ස්ථානයට නුදුරින් වූ යක්කල ප‍්‍රදේශයේ රැදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකටය. ඔවුන් විසින් එය වැරැුල්ලවත්තට දැනුම් දුන් බව සොයා බැලීමක දී අපට තහවුරු විය. අලූයම 5.30 ට පමණ මළ සිරුරු දෙක ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයට බාර දී ඇත.
අනතුර සිදු වූයේ කුමන ආකාරයටද යන්න නිවැරැුදිව පොලිස් පොතේ සඳහන්ව නැති අතර වේලාව ලෙස සටහන් කර ඇත්තේ ද අලූයම 5.30 ය. මෙම තත්වය තුළ ඉඹුල්ගොඩ වංගුවේ දී කොළඹ දෙසට වම් පසින් ගමන් කළ යතුරු පැදිය පාරේ පිටතින් දකුණු පස වූ පහන් කණුවක හැපුණු අතර යතුරු පැදියේ හානි වී ඇත්තේ ද දකුණු පසටය. එමෙන්ම යතුරු පැදිය වැදී ඇත්තේ පහන් කණුවේ පොළොවේ පිහිටීමට අඩියක් උසිනි. එලෙස වැදීමට පෙර යතුරු පැදිය ඒ අසල බෑවුමට පෙරළී යා යුතුව තිබුණි. එමෙන්ම යතුරු පැදිය පෙරළී ගොස් පහන් කණුවේ වැදුණේ නම්, ඊට සිදු වී තිබූ හානියට අනුව පාරේ සටහන් තිබිය යුතුය. එමෙන්ම එකවර සිසුන් දෙදෙනාගේම හිස් තැළී පොඩි වීමට තරම් යමක් ඒ අසල පිහිටා තිබී ද නැත. අනෙක් ප‍්‍රධාන කාරණය යතුරු පැදිය වැදුණේ යැයි සඳහන් පහන් කණුව අතර සහ යතුරු පැදිය වැටී තිබූ ස්ථානය අතර දුර මීටර 4 කි.
යතුරු පැදිය බිම පෙරළීවිත් ඇදී ගොස් අදාළ පහන් කණුවේ වැදුණේ නම්, සිසුන් දෙදෙනා බෑවුමේ වූ පල්ලමට විසි වී යනු මිස ඔවුන්ගේ හිස් කබල් එතරම් ප‍්‍රමාණයකින් බරපතළ ලෙසත් එක හා සමාන ලෙසත් තැළී පොඩි වීමට හේතුවක් නැත. එමෙන්ම ඔවුන් පැමිණි යතුරු පැදියට එතරම් හානියක් ගෙන එන අනතුරක් එහි සිදු වූ බවට ද අවට කිසිදු සලකුණක් නොමැත. ඒ හැපුණු බව කියන පහන් කණුවේ ද ඇත්තේ ඉතා කුඩා සලකුණකි. එය පවා මිටියකින් වැනි බර ආයුධයකින් පහර දී කුඩා කැබලිවලට කැඩූ ස්ථානයක් ලෙස දිස් වේ. එමෙන්ම මෙම අනතුර සිදු වූ මොහොතේ සිට පොලිසියට එහි මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමට අසාමාන්‍ය හදිසියක් තිබී ඇත.
ඉක්මනින් අනතුර සිදු වූ ස්ථානයේ සාක්ෂි සටහන් මකාදැමුණු අතර පෙ.ව. 9.10 ට මහෙස්ත‍්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණෙන විටත් සාක්ෂි සලකුණු ඉතිරි වී තිබුණේ නැත. පෙ.ව. 9.30 වන විට අදාළ ස්ථානයේ තිබූ ලේ පැල්ලම් වැලිවලින් වසා සියල්ල අවසන් කර තිබුණි. එම ස්ථානයේ සටහන්ව තිබුණු ඩිෆෙන්ඩරයක යයි සැක කළ හැකි ටයර් පාරවල් විකෘති කිරීමට කටයුතු කර තිබුණ ද එය අසාර්ථක වී තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය 28 වැනි දා රාති‍්‍රය වන තුරුත් මෙම සිදුවීම් පිළිබඳ ගම්පහ පොලිසිය නිවැරැුදි ලෙස සටහන් කර තැබීමට අසමත් විය. මෙම ප‍්‍රශ්නය මාධ්‍ය ම`ගින් ප‍්‍රශ්න කිරීම ඇරඹීමත් සමඟ පෙර වේලාවල් සඳහන් කරමින් පසුව එම අනතුර පිළිබඳ තොරතුරු සටහන් කර තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය නම්, අනතුරේ ඇතැම් ටයර් සලකුණු ගැන ඒ වෙලාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් අදහස් පළකරන විට කරන විට බුද්ධි නිලධාරීන් බවට තමන් හදුන්වා දුන් පුද්ගලයන් විසින් ඒවා වෙනත් වාහනවලින් ඇති වූ ඒවා බව ප‍්‍රකාශ කිරීමය.
මෙම තත්වය තුළ හදිසි අනතුරක් විදිහට පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත විය. මෙවැනි අවස්ථාවක දී ඝාතකයන් උත්සාහ කරන්නේ හැකි උපරිම අයුරින් මරණයට පත්වන ආකාරය අනතුරකින් සිදු වූ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමටත් අදාළ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත්ව යාමටත්ය. එම තත්වය තුළ අනතුර සිදු වන ආකාරය, එහි සලකුණු හා අවට පරිසරයේ සටහන් තාර්කික ලෙස ගොඩනැ`ගීමට ඔවුන්ට හැකියාවක් නොමැති අතර එවැන්නක් කෘති‍්‍රම ලෙස නිර්මාණය කිරීමේ හැකියාවක් ද අපරාධකරුවන්ට නැත. ඒම පරස්පරතාවය ප්‍රබල ෙලස ෙමම සිද්ධිය නීරීක්ෂණ ෙයදී දක්කට ලැෙබ්.
මෙම සිසු මරණ දෙක පිළිබඳව මාස 4 කට පසු දිගහැරෙන කතාවෙන් තවත් පරස්පරතා මතු වෙමින් තිබේ. අධිකරණ නියෝගයෙන් පසු ලබා ගත් සිසිතගේ හා ජානකගේ ජංගම දුරකථන දත්ත සටහන් මකා දමා ඇත. මේ දක්වා මහෙස්ත‍්‍රාත් නියෝගයෙන් පැවැත්වුණු රස පරීක්ෂක වාර්තාව ද රස පරීක්ෂකවරයා නිකුත් කර නැත. දුරකථන දත්ත සටහන් මකා දැමීමේ දී අනතුර සිදු වීමට දින 5කට පෙර හා එය සිදු වී දින 5 ක් ගත වන තුරු එම ජංගම දුරකථනවලට ඇමතුම් ලැබුණු බවට දත්ත සටහන්ව නැත. එමෙන්ම අනතුර සිදු වන දිනයේ එම ජංගම දුරකථනවලින් කෙටි පණිවුඩ ලබා දීම හා ලබාගැනීම අවහිර කොට තිබී ඇත. එහෙත් අනතුර සිදු වන දිනයේ ඊට පැයකට පමණ පෙර රුහුණු සරසවි සිසුවකුගේ ජංගම දුරකථනයකින් ඇමතුම් ලබාගත් බවට එම ශිෂ්‍යයාගේ දුරකථන ඇමතුම් ලබාගත් තොරතුරු සටහනේ ඇත. එවැනි තොරතුරු සටහන් පත් කිහිපයකම එලෙස ජානකගේ හා සිසිතගේ ජංගම දුරකථනවලට ලබාගත් ඇමතුම් සටහන්ව තිබේ. එහෙත් මොවුන් දෙදෙනාගේ දුරකථන දෙකේ එලෙස තොරතුරු සටහන් නොවීම බරපතළ සැකසහිත තත්වයකි. එම අනතුර සිදු වූ දිනයේ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පහ පොලිසිය කටයුතු කළේ සිසුන් මුහුණ දුන් අනතුර පැවැති ස්ථානයේ සාක්ෂි සටහන් මකා දැමීමටත් ඇතැම් තොරතුරු යටපත් කර දැමීමටත්ය. ලංකාවේ බොහෝ පොලිසි ඇතැම් මරණවල දී ද වෙනත් දේශපාලන සිදුවීම්වල දී ද මෙලෙස කටයුතු කරන බව ප‍්‍රසිද්ධ රහසකි.
2012 මැයි මාසයේ රගර් කී‍්‍රඩකයකු වූ වසීම් තජුඞීන් රිය අනතුරකින් මිය ගිය බවට ප‍්‍රකාශ වුව ද එම අනතුර ද සැකසහිත විය. එහෙත් නාරාහේන්පිට පොලිසිය ඒ පිළිබඳ විධිමත්් පරීක්ෂණ සිදු නොකළේය. එය කොළඹ කොට්ඨාසයේ පොලිස් ප‍්‍රධානියකුගේ බලපෑමෙන් සිදු වූවක් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. එම අනතුර පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවනු තබා පොලිස් පොත්වල අනතුර පිළිබඳව සඳහන් කර නොතිබූ බවට තොරතුරු තිබේ.
ජානක හා සිසිත මිය ගිය මොහොතේ එම රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා පැදවූ උඡු ූඊ 9802 දරන ති‍්‍රරෝද රථයට අයත් එම ලියාපදිංචි අංකය යතුරු පැදියකට අයත් වූවක් බවත් එහි කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇති බවටත් අධිකරණයේ දී හෙළිදරව් විය. එහෙත් ගම්පහ පොලිසිය මේ දක්වා එම සැකසහිත තී‍්‍රවීල් රියැදුරා අත්අඩංගුවට ගැනීමක් හෝ ප‍්‍රකාශ සටහන් කරගැනීමක් සිදු කර නැත. ඔහුගෙන් ප‍්‍රශ්න කළේ නම් අනතුර පිළිබඳව යම් ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් පැවතුණි. පොලිසිය එම අවස්ථාව මඟහැර යාමට පැහැදිලි හේතුවක් මේ දක්වා ඉදිරිපත් කර නැත. සිසිතගේ හා ජානකගේ මරණවලින් පසු කැලණිය විශ්වවිiාලයේ හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරන්ජිත් බණ්ඩාරට ඉකුත් දෙසැම්බර් මාසයේ දී අලූයම 2ට පමණ නා`දුනන පුද්ගලයන් පැමිණ පහර දී හිස පොළොවේ ගැසීමට උත්සාහ දරා පලා ගොස් තිබිණි. එමෙන්ම රුහුණ විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන ශිෂ්‍යයාට ඩිෆෙන්ඩර් රථ දෙකකින් පැමිණි පිරිසක් පහර දී පැහැරගෙන යාමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබිණි. මෙම පැහැර ගැනීමට තැත් කිරීම හා මරණීය තුවාල සිදු කිරීමට දැරූ උත්සාහයන් පිළිබඳව පොලිසිවලට පැමිණිලි කර ඇතත් මේ දක්වා ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කරගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වා නැත.
එලෙස ශිෂ්‍යයන්ට පහර දීම හා මරා දැමීම පිළිබඳව හා එවැනි උත්සාහ කිරීම් පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදු නොවන්නේ ඇයිද යන්න බරපතළ ගැටලූවකි. එම ගැටලූව පිටුපස ඇත්තේ ආණ්ඩුව විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මත මර්දනය මුදා හැර ඇති ආකාරය මිස අන් කවරක්ද?
ෙමම මරණ පිළිබඳව කරුණු විමසීම හෝ පොලිස් පරීක්ෂණ පැවැත්වීමට බලකිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් ලෙස පෙනෙන්නට තිබේ. එළඹෙන නිමේෂයේ මිය යන්නේ කුමන සරසවියේ කොයි ශිෂ්‍යයාද යන්න හරස් පද ප‍්‍රහේලිකා පිරවිය නොහැකිය. ශිෂ්‍ය ව්‍යාපාරය මත මුදා හැර ඇති ආණ්ඩුවේ මර්දනය එතරම්ම සියුම් ලෙස කි‍්‍රයාත්මකව පවතී. දුරකථන බිල්පත්වල දත්ත සටහන් මකාදැමීමත් සිදු වූයේ යැයි කියන අනතුර හා පහර දීම් පිළිබඳව පොලිසිය විධිමත් පරීක්ෂණ සිදු නොකිරීමත් හා රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් නොකිරීමත් ආණ්ඩුව මුලින් ආරම්භ කළ ශිෂ්‍ය මර්දනයේ දිගුවක් ලෙස හඳුනාගත හැකිය. එහෙත් එම මර්දනයේ මිලිටරිමය හැඩය හ`දුනා ගැනීමට නොහැකිය. ඊට හේතුව ශිෂ්‍ය ව්‍යාපාරය මත කුමන්ත‍්‍රණික ලෙස මර්දනය දියත් කර තිබීම බව පැහැදිලිය.
සිසු ඝාතනෙය් උත්තර නැති ප්‍රශ්ණ
01. සිසුන් මුහුණ දුන් අනතුර සිදු වීමට පෙර රාති‍්‍රයේ ඔවුන් හඹා ආ යතුරු පැදිකරුවන් කවුද? ඒ පිළිබඳ පැමිණිල්ල ගම්පහ පොලිසිය මේ දක්වා විසින් විමර්ශනයක් නොකළේ් ඇයි?
02. සිසුන් නැවතී සිටි ස්ථානයට ආසන්නව රැුකවල්ලා සිටි බව කියන ඩිෆෙන්ඩර් රථ 02 හා යතුරු පැදිවලට පැවරී තිබූ රාජකාරිය කුමක්ද?
03. අනතුර ගැන යක්කල පොලිස් මුරපළට දැනුම් දුන් නාවික නිලධාරියා කවුද? එම දැනුම් දීම ගැන ගම්පහ පොලිසියේ හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශ අතර පැවති පරස්පරතාව කුමක්ද?
04. අනතුර ගැන දැනුම් දුන්නේ යැයි කියන තී‍්‍රවීල් රියැදුරා සිද්ධිය දැක එය දැනුම් දීමට පැය 1 1/2 ක කාලයක් ප‍්‍රමාද වූයේ ඇයි?
05. එස්.අයි. රවීන්ද්‍ර පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් අදාළ ස්ථානයේ මිනීමැරුමක් සිදු වී තිබෙන බවට අලූයම 4.30 ට පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් පණිවුඩයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද?
06. ශිෂ්‍යයන් අත තිබූ ජංගම දුරකථන දෙකට සිදු වූයේ කුමක්ද?
07. අනතුර පිළිබඳ පොලිසිය සටහන් තැබීමට පැයක් ප‍්‍රමාද වූයේ ඇයි? ඔවුන්ගේ නිරීක්ෂණ එදින මධ්‍යම රාති‍්‍රය වනතුරුත් පොලිස් පොත්වල සටහන් නොකළේ ඇයි?
08. එස්.බී. ඇමැතිවරයා මෙම මරණ සැක සහිත බව ප‍්‍රකාශ කළේ කුමන පදනමකින්ද? පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම මරණ පරීක්ෂණ සිදු වීමට දිනකටත් පෙර මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණ බව ප‍්‍රකාශ කිරීමට ඔහුට තිබූ සාධක මොනවාද?
09. අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇලවූ පෝස්ටර් ඉරා දැමීමට පොලිසිය කටයුතු කළේ ඇයි?
10. ‘‘මිය ගොස් ඇත්තේ සංජීව බණ්ඩාර’’ යනුවෙන් පොලිසිය ප‍්‍රකාශ කළ බවට ප‍්‍රදේශයේ පැතිර යන කටකතාවේ පදනම කුමක්ද?
11. අනතුර සිදු වූ ස්ථානයේ එතරම් බරපතළ තුවාල සිදු වී තිබියදීත් ලේ සටහන් නොතිබුණේ ඇයි?
12. අනතුර සිදු වූ ස්ථානයේ ටයර් සටහන්, ඇතැම් සලකුණු හා ලේ පැල්ලම් මකාදැමීමට පොලිසියට තිබූ හදිසිය කුමක්ද? ශිෂ්‍යයන් හැපුණු පහන් කණුවේ කැඞී ගිය කොටස් ඉවත් කළේ ඇයි?
13. ශිෂ්‍යයන් නවාතැනින් පිටත් වුණු කාලය හා ඊට නොදුරු අනතුර සිදු වූ ස්ථානය අතර වූ පැය 1 1/2 ක කාලය තුළ ශිෂ්‍යයන් දෙදෙනා අතුරුදන් වී සිටීමට හේතුව කුමක්ද?
14. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පුන පුනා ප‍්‍රකාශ කළ පරිදි මෙය හදිසි අනතුරක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් ඒ අසල ර`දවා සිටියේ ඇයි?
15. අනතුර සිදු වූ ස්ථානයේ අලූයම 4.00 ට පමණ නවතා තිබූ හමුදා ජීප් රියට පැවරුණු රාජකාරිය කුමක්ද?

                                                                    ධනූ රාමවික්‍රම