Tuesday, January 26, 2016

සිසු හඩට බියෙන් අධ්‍ ආරක්ෂිත කලාපයක් බවට පත් කරන විවෘතය

දින 227ක අඛණ්ඩ අරගලයකින් පසුව දිනා ගත් ජයග්‍රහණ නැවතත් පසු පසට හැරවීමට කටයුතු කරන උපකුලපතිතුමා ප්‍රමුඛ ජඩ පරිපලනය අද දිනයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අධ්‍ ආරක්ෂිත කලාපයක් බවට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව විවෘත විශ්ව විද්යාලයීය ශිෂ්‍ය එකමුතුව පවසයි
පරිපලනය විසින් අනධ්‍යයන සේවක සංගමය හා සිසුන් අතර ගැටුමක් අවුලවා ඔවුන් අතර මතබේදයක් ඇති කර 2016.01.22වන දින උපකුලපතිතුමාගේ සැලසුම්සහගත තීරණයකට අනුව විවෘත විශ්වවිද්‍යාලය සිසුන් හට දින නියමයකින් තොරව තහනම් කලාපයක් බවට ප්‍රකාශ කලේය.සැලසුමේ ඉදිරි පියවරක් වශයෙන් මේ වන විට විශ්වවිද්‍යාලය වට කර කම්බි දගර දමා හමුදා කදවුරක් බවට පත් කර ඇත.
කෙසේ උවද වෙඩි උණ්ඩයට,මරණයට බිය නොවූ ශිෂ්‍ය ව්‍යාපාරය මෙම සැලසුම්සහගත ක්‍රියා තුලින් පසු බෑමකට ලක් නොවන බවටත් මෙවැනි ක්‍රියා හමුවේ බියෙන් පලා නොයන බවත්  විවෘත විශ්ව විද්යාලයීය ශිෂ්‍ය එකමුතුව තවදුරටත් අවධාරනය කර සිටී


විවෘත ය මහ පාරේ....

ඊයේ උදෑසන විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් දැවැන්ත උත්ගෝශන යක නිරත විය..පසු ගියදා විශ්වවිද්‍යාලයීය පරිපාලනය සැලසුම් සහගත ලෙස අනද්‍යන සේවක මහත්වරුන් ආචාර්‍ය වරුන් සහ සිසු සිසුවියන් අතර ගැටුමක් ඇතිකර ඉන් පසු විශ්වවිද්‍යාලයීය වසා දමමින් ලමුන් විශාල ගනනකගේ අද්‍යාපන අයිතිය සහමුලින් විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව මෙසේ සිසූහු මහ මගට බැස උත්ගෝෂනයේ යෙදෙමින් ඉල්ලා සිටියේ කිසිදු වරදක් නොමැතිව පරිපාලනය අහිමි කල අද්‍යාපන වරප්‍රසාදය නැවත ලබා දී විවෘත විශ්වවිද්‍යාලය නැවත ශිෂ්‍ය යන්ගේ අද්‍යන කටයුතු සදහා ලබා දෙන ලෙසයි..
මෙය ගැටුමක් ලෙස හුවා දක්වා විශ්වවිද්‍යාලය අන්තනෝමතික ලෙස වසා දැමුවත් පරිපාලනය මෙම ක්‍රියාව සිදුකරේ පසු ගිය වසර තුල සිට විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන් එකට එක් වී පරිපාලනයේ හෙලුව පෙන්වා දීම නිසා බව ශිෂ්‍යයන් පැවසීය..
එමෙන්ම මෙම ගැටලුව සබැදිව සිසුන් පරිපාලනය සමග සාකච්ඡා වකට යාමට සූදානම් වුවද ඔවුන් මුනිවත රැකීමද ඉමහත් ගැටලුවක් බව පෙන්වා දුන් සිසූහු විවෘත විශ්වවිද්‍යාලය එම දින වසා දමමින් තම පුත්ගලික බඩු බාහිරාදියද එලියට ඇද දැමූ බවත් එයට අමතරව මහියංගන යාපනය සහ මාතර සිට විවෘත විශ්වවිද්‍යාලයේ අද්‍යාපනය සදහා එන සිසුවියන් එදිනම පලවා හැරීමෙන් යන එනමං නැති වී ගිය ශිෂ්‍යාවන් ගේ ජීවිත වලට එල්ල වන බලපෑමද ශිෂ්‍යාවන්ගේ ආරක්ශාව ද පරිපාලනය විසින් ඉතා තුච්ච ලෙස ඉවත දමා ක්‍රියාකල ආකාරය ඉතා අමානුෂික බවද කියා සිටියේය
මෙසේ පරිපාලනයේ අන්තනෝමතික ක්‍රියා කලාපය විසින් වසා දැමූ විශ්වවිද්‍යාලය යලි විවෘත කරන තෙක් තමන් සටන් කරන බවද ඔවුන් වැඩි දුරටත් අදහස් දැක්වීය.. මේ සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සොයුරාද විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ සබාපති අමිල සදරුවන් සොයුරාද රැස්ව සිටි ජනතාව සහ සිසුන් මාද්‍යවේදීන් දැනුවත් කලේය..
සිසුන් උත්ගෝෂනයෙන් අනතුර්‍ය්ව මග දෙපස සහ පදික වේදිකාවේ රැදෙමින් විශ්වවිද්‍යාලය යලි විවෘත කරන මෙන් ඉල්ලා සිට නිසි විසදුමක් පරිපාලනය විසින් නොලැබුනෙන් සවස 6.30 ට පමන ඉදිරි ක්‍රියාමාර්ගයකට යොමු වන බැව් පවසා විසිර ගියේය.




විවෘතයේ නැවතත් සිසු මර්දනය හිස ඔසවයි

නිදහස් අධ්‍යාපනය විකිණීමේ තවත් ප්‍රයන්තයක් වශයෙන් විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු වැඩිකිරීම සහ පාඨමාලා මුදලට විකිණීමේ වැඩපිළිවෙල තූල ක්‍රියාත්මකවන එක් අංගයක් වන ශිෂ්‍ය මර්ධන ක්‍රියාවලියේ එක් එක් නව ස්වරූපයන් මේ වන විට නැවතත් ක්‍රියාවට නැංවෙමින් පවතී.සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීමට ඇති කාලය සීමා කරමින් සිටින අතර දැනට එය ප.ව.8.30 ට සීමා කරමින් නව නීති පද්ධතියක් එලි දක්වා ඇත. නමුත් ඒ පිලිබඳව කිසිඳු ආකාරයක සිසු දැනුවත් කිරීමක් කර නැත. වගන්ති 27කින් යුතු එම විනය නීති පද්ධතිය මෙහි දක්වා ඇත.



ආපනශාලා, නේවාසික, ඉගෙනුම් සහ කියවීම් ශාලා, විභාග ශාලා ගැටළු සහ තවත් බොහෝ සුභසාධක ගැටලු සහ සිසූන් ලියාපදිංචි කිරීමේ ගැටළු ඇතුලු බොහෝ සිසු ගැටලු උද්ගතවී ඇති අවස්ථාවක ඇස කණ වසාසිටින බලධාරීන්ගේ උවමනාව වී ඇත්තේ සිසුන්ට, විශ්වවිද්‍යාලයට සහ නිදහස් අධ්‍යාපනයට සාධාරණයක් ඉටු කිරීම නොවන බව පැහැදිලි කාරණයකි. මෙවැනි තත්වයක් තුල ඉතා සංවිධානය වී සිටින පරිපාලනය විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් මර්ධන ක්‍රියාවලිය සිදු කරන අතර එහි තවත් එක් පියවරක් ලෙස අනධ්‍යන සේවක සංවිධානය සහ සිසුන් අතර ගැටුම්කාරීතත්වයක් නිර්මාණය කරමින් පවතී.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 8.40ට පමණ සියලු ගේට්ටු වසා දැමූ ආරක්ෂක නිලධාරීන් මෙතෙක් දවසක් කිසිවෙකු දැනුවත්කර නොතිබූ, නව නීති පද්ධතිය නිසා මෙවැන්නක් සිදු කල බවද තමන්ට පහර දීමෙන් හෝ ගේට්ටු කැඩීමෙන් පමණක් ගේට්ටු විවෘත කල හැකි බව පවසා ඇති අතර එහිදී සිසුන් සහ ආරක්ෂක අංශය අතර ඉතා උණුසුම් තත්වයක් ඇතිවුවත් විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව මැදිහත්වීමෙන් රාත්‍රී 11ට පමණ කිරුලූපන ගෙට්ටුව විවෘත කරන ලද අතර ඉන් පසුව සිසුන් විසිර යන ලදි.
නමුත් පසුගිය සිකුරාදා උදෑසන staff gate එක වසා තිබු අතර ඉදිරිපස පොලිස් රථ 2ක් නවතා තිබුණි. ඉදිරිපස ගේට්ටුවෙන් ඇතුලුවන සියලු සිසුන්ගේ ශිෂ්‍ය වාර්තා පොත් ආරක්ෂක අංශය විසින් පරීක්ෂා කරමින් ශිෂ්‍ය වාර්තා පොත් නොමැති සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුලූවීම වලක්වන ලදි. ඒ හේතුවෙන් දිගු පෝලිමක් ඇතිවිය. ඒ අතරතුර staff gate එක වසා තැබීම පිලිබඳව සිසුන් විමසමින් සිටියදී සංවිධානත්මකව බස් රථයකින් පැමිණි අනධ්‍යන සහ අධ්‍යන සේවක පිරිසක් සිසුන් සමග ගැටුම්කාරී තත්වයක් ඇති කරගත් අතර එම ස්ථානයට පැමිණි උපකූලපතිතුමන් සහ වගකිවයුතු ආචාර්‍යවරයකු අසාමාන්‍ය නිහඬ පිලිවෙතක් අනූගමනය කරමින් සිටි අතර පසුව පිරිස විසිර යන ලදි.
නමුත් 11.30 ට පමණ සිසුන් සාකච්ඡාවක නිරතවෙමින් සිටියදී උපකුලපතිතුමන් විසින් සියලු අධ්‍යන සහ අනධ්‍යන කාර්‍යමණ්ඩලය රැස්වීමක් තැබීමට බව පවසා block 4 අසලට කැඳවා තිබූ අතර, නමුත් ඒ මුවාවෙන් මීට වසර 10කට පමණ පෙර ස්වාභාවික පීඨ සිසුන්ගේ භාවිතයට ලබාදී තිබූ block 8.1 අසල (BSC room) එක අනධ්‍යන සහ අධ්‍යන කාර්‍ය්යමණ්ඩලයේ 200ක පමණ පිරිසකගේ ආරක්ෂාව මධ්‍යයේ ආරක්ෂක අංශය හා ආචාර්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු හා එක්ව පරීක්ෂා කරමින් සහ මුග්ධ රංගනයක නිරතවෙමින් එතුල තිබූ සිසුන්ගෙ සියලු භාණ්ඩ ඉන් පිටතට විසි කල අතර සිසුන්ගේ laptop 2ක් බලහත්කාරයෙන් රැගෙන යන ලදි
.
මෙම සිද්ධි පටිගතකල සිසුන්ගේ ජංගම දුරකතන පැහැර ගැනීම් අවස්තා කිහිපයකදීම සිදුවිය. නමුත් උපකුලපතිතුමා ඉදිරිපිටදීම දුරකථන පැහැරගත් එවැනි අවස්ථා වලදී උපකුලපතිතුමාගේ ක්‍රියාකලාපය ලැජ්ජා උපදවනසුලුය.
මඳ වේලාවකින් එම ස්ථානයට පැමිණි සිසුන් ඔවුන් සමග සාකච්ඡාවකට ආරාධනා කල අතර එය අසාර්ථක විය. එ් අතරතුර ඉවත්කල පොත් හා භාණ්ඩ ලොරියක පටවාගෙන යනු දුටු සිසුන් එය නැවැත්වූ අතර ඉන් පසුව නැවතත් සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කලද අනධ්‍යන සේවක සංගමය ගැටුම්කාරී ස්වරූපයක් අනුගමනය කළ බැවින් අසාර්ථක විය. සිසුන් පැවැත්වූ කතාවක් හමුවේ නිරුත්තරව පසුබැස ගිය ඔවුන් පසුව පරිපාලනයට සහයෝගයක් ලෙස වෘත්තීය ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවට තීරනයක් ගනු දක්නට ලැබිණ. සැඟව සිටි උපකුලපති සමග සාකච්ඡාවක් පැවැත්වූ ඔවුන් සමග උපකුලපතිතුමා පා ගමනින්ම පිටවගිය අතර උපකුලපති තුමා විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමන බවට නිවේදනයක් නිකුත්කර තිබිණ.
වෘත්තීය ක්‍රියාමාර්ගය අනධ්‍යන කාර්‍යමණ්ඩලයේ අවශ්‍යතාවය මත සිදු කල බව පෙන්වුවද, ගැටලුව උද්ගතව ඇත්තේ නාවල විවෘත විශ්වවිද්‍යාලයීය ප්‍රධාන මණ්ඩපය තුල පමණක් වුවද, උපකුලපතිවරයා විසින් ඒ වනවිටත් සියලුම ප්‍රාදේශික සහ අධ්‍යන මධ්‍යස්ථාන වසා දැමීමට දැනුම්දී තිබීම මගින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයද එතුමන්ලාගෙ දීර්ඝ සැලසුමක එක් අංගයක් පමණක් බව මනාව පැහැදිළි වන කාරණයකි.
පාලකයන්ගේ අණ ක්‍රියාත්මක කරන පරිපාලන වන්දිභට්ටයන්ගේ කූඨ උපක්‍රම හමුවේ රැවටී සිටින අනධ්‍යන කාර්යමණ්ඩලය පිළිබඳව මෙන්ම ඔවුන් හේතු රහිතව මෙවැනි මුග්ධ ක්‍රියාමාර්ගවලට එලඹීම පිලිබඳව කණගාටු විය යුතුය. පරිපාලනයේ මෙවැනි කූට උපායන් තරයේ හෙලාදැකිය යුතු අතර ඊට එරෙහිව නැගීසීටීමටත්, සිසු අයිතීන් සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ශිෂ්‍ය බලය ශක්තිමත් විය යුතු කාලය එලඹ ඇත.