උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුනිල් නවරත්න සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වූ ක්ෂණිකා හිරිඹුරේගම විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික පීඩනය අඩු කිරීමට හා ආවේගයන් පාලනය කිරීම අරමුණු කරගත් රියලිටි වැඩසටහනක් ලෙස එලි දැක්වූ “කවිතා” වැඩසටහන ඉතාමත් දුෂිත ගනුදෙනුවක් බව දැන් එලිවෙමින් පවතී.
මේවනවිට වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු රජිව විජේසිංහ මැතිතුමා විසින් මේ දුෂිත ගනුදෙනුව පිලිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත. මෙම වැඩසටහ වෙනුවෙන් දෙරණ රුපවාහිනි නාලිකාව අනුග්‍රහය දක්වන බව පැවසුව ද ඒ සඳහා රුපියල් මිලියන් 40ක ගෙවීම කර ඇත. මේ වැඩසටහන සඳහා ජැක්සන් ඇන්තනී මහතා විනිසුරුවෙකු ලෙස සහභාගී වූ අතර එක් දිනකට පැය කිහිපයක විනිසුරුවෙකු ලෙස සිටීමට පමණක් රුපියල් ලක්‍ෂ 5 බැගින් ඔහුට ගෙවා ඇත. අනිකුත් විනිසුරුවරුන්ට දිනකට රුපියල් ලක්‍ෂ 2 බැගින් ගෙවා ඇති බව වාර්තාවේ.
අවසන් වැඩසටහනේ වේදිකා අලංකරණයට පමණක් රුපියල් මිලියන් 5ක් ද අනිකුත් දිනවල වේදිකා අලංකරණයට රුපියල් මිලියනය බැගින් ද ගෙවීම් කර ඇත. මෙම දුෂිත ගනුදෙනුවේ වඩාත්ම වියදම් සිදු වී ඇත්තේ මේ සඳහා සහභාගීවූ කලාකරුවන්ගේ (තම හිතවත් කලාකරුවන්ට පමණක් මේ සඳහා ඇරයුම් කර ඇත) සංග්‍රහ වියදම, රුපියල් මිලියන 100ක් සහ මේ සඳහා පැමිණි සම්භාවනීය අමුතන්ගේ (ආචාර්ය සුනිල් නවරත්න ගේ සහ එස් බී දිසානායක මහතා ගේ හිතවතුන්) සඳහා සංග්‍රහ වියදම රුපියල් මිලියන 200ක් ලෙසය. ඒ අනුව මෙම සමස්ත වැඩසටහනෙහි මුළු වියදම රුපියල් මිලියන 600ක් වන අතර ඒ සඳහා සඳහා රාජ්‍ය මුදල් යොදවා ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේන් රුපියල් මිලියන 400ක් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේන් රුපියල් මිලියන 200ක් ලෙසය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඝනකාධිකාරි රණවීර මහතා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීම පිට විශ්වවිද්‍යාල සඳහා වෙන්කර තිබු ප්‍රතිපාදන කපා මේ සඳහා යොදවා ඇතිබව ද වාර්තාවේ. මෙම වැඩසටහන සඳහා බොහෝවිට සහභාගී වුයේ සංගීතය හා රංග කලාව හදාරන සිසුන් වූ අතර ඔවුන්ට එය විශාල අත්දැකීමක් නොවූ බවත් අවසානයේ දී මෙම වැඩසටහන මඟින් කිසිඳු ‘තරුවක්’ බිහිකර නැති බව ද වාර්තාවේ. මේම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වූ සිසුන්ගේ මානසික පීඩනය අඩු කිරීමට හා ආවේගයන් පාලනය කිරීම සඳහා ඔවුන් භාවිතා කල නිර්නායකයන් වූ ශිෂ්‍ය උද්ගෝෂණ හා උපවාස ප්‍රමාණය ඉකුත් වසරට සාපේක්ෂව පසුහිය හයමස තුල තුන් ගුණයකින් වර්ධනය් වී ඇත. එමඟින් සනාත වන්නේ මෙය කිසිඳු අරමුණකින් තොරව හුදෙක් මුදල් ගසා කෑම සඳහාම පැවැත්වූ සංදර්ශනයක් බවයි.
නේවාසිකාගාර ප්‍රශ්නය ඉතා තදින්ම පවතින වත්මන් විශ්වවිද්‍යාල පධ්දතිය තුල සිසුන් 800 කට පමණ නවාතැන් සැපයිය හැකි සියලු පහසුකම් සහිත නේවාසිකාගාරයක් තැනිය හැකි මුදල් මෙම ව්‍යපෘතියයෙන් එස්. බි. දිසානායක හා සුනිල් නවරත්න නඩය ගිල දමා ඇත. අවසානයට බෙරේ පලුවකුත් නැත. නටපු තොවිලයකුත් නැත.

No comments:
Post a Comment